Published
රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය සියයට 70ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය සියයට 50ක් ද ලෙස සංශෝධනය කිරීමටයි මහ බැංකුව පියවර ගෙන ඇත්තේ.
පසුගිය ජූලි මාසයේදී ශ්රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා සියයට 80ක් ද, පෞද්ගලික වාහන සඳහා සියයට 60ක් ද, ත්රීරෝ රථ සඳහා සියයට 50ක් මෙන්ම වෙනත් වාහන සඳහා සියයට 70ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණා.
කෙසේවෙතත් පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 04ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙසයි වෙන් කර ඇත්තේ.




