මෙරට රන් මිල ඉකුත් දිනවල පැවති මිලට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ 5,200ක් දක්වා පහළ ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

එය ඊයේ දිනයේදී රුපියල් තුන් ලක්ෂ 15,500ක් ලෙසයි සටහන්ව ඇත්තේ.