Published
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වනවා. ඒ, රජයේ මුදල් යොදාගෙන සිදු කළා යැයි කියන විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි. පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල හිටපු ජනාධිපතිවරයා එම සංචාරය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට ඔහු සමග තවත් දස දෙනෙකු එක්ව ඇති බවද වාර්තා වනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් සහ හිටපු ජනාධිපති ලේකම්වරයක් වූ සැන්ඩි්‍ර පෙරේරා මහත්මියගෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.