Published
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ වෙත රැගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කර තිබෙනවා. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා අධිකරණය වෙත රැගෙන යනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ලබා දෙන නිර්දේශ මත බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ. හිටපු ජනාධිපතිවරයා අධිකරණය වෙත රැගෙන යාමට වෛද්‍යවරුන් මෙතෙක් නිර්දේශ කර නැහැ. පවතින තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමට වැඩි ඉඩ කඩක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.