ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, සිදුකළ කැඳවීමකට අනුවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාල සීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බවයි වාර්තා වන්නේ.