Published
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්රයේ දැනට විනාඩි කිහිපයක සිට විදුලිය විසන්දී වී ඇති බව වාර්තා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රනිල් වික්රමසිංහ මහතා කොටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. පසුව නඩුවේ තීන්දුව ලබා දීම පැය භාගයකට කල් තබන බව 05.30ට පමණ මහෙස්ත්රාත්වරිය නියෝග කළාය. අදාළ නියෝගය ලබා දුන් වෙලාවේ සිට මේ දක්වාත් නඩුව විභාගයට ගැනීම සිදුකර නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ