බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාල විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටි නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම නඩුව අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමා මෙම නඩු ගොනුවේ සිද්ධිමය කරුණු ගැන අධ්‍යයනය කර තිබෙන බවයි.

එම නිසා මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා “මෙම සැකකරු බි්‍රතාන්‍ය සංචාරයේදී සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල රුපියල් මිලියන 16කට අධික මුදලක් වැය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.” යනුවෙන් සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වූවා.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්” ඔබ මෙම සැකකරුගේ ඇප නියෝගය යළි සමාලෝචනය කරන්න කියලා ඉල්ලීමක් කරනවද? යනුවෙන් විමසුවා.

ඊට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

 

ඒ අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම සැකකරුට තිබෙන බව කියන රෝගී තත්වයන් පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා.

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

එහිදී වැඩිදුරක් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා මෙලෙස සඳහන් කළා.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මේක සංකීර්ණ විමර්ශනයක් නෙවෙයි.

විමර්ශන කඩිනමින් අවසන් කිරීමට හැකියාවක් තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා මෙම නඩුවේ සැකකරුවෙක්ද? යනුවෙන් පැමිණිල්ලෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා “ස්වාමීනී සියලු විමර්ශන අවසන් වීමෙන් පසුව තමයි ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නේ” යනුවෙන් පැවසුවා.

ඉන් අනතුරුව වැඩිදුරටත් සිය නියෝගය මහේස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන ජනවාරි මස 28 වනදා කැදවන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියම කළා.