වීරඔුගෙදර රජයේ පර්යන්ත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මානසික ව්‍යාධියෙන් පෙළෙන 17 හැවිරිදි දැරියකට රෝහල් වාට්ටුව තුලදී ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීරඔුගෙදර පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පර්යන්ත රෝහලේ සුළු සේවකයෙකු රුපියලප් ලක්ෂ පහක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර තිබෙනවා.
ලබන නොවැම්බර් මස 12 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුට නියෝග කෙරිණ මෙසේ නියෝග කළේ මෙම සිද්ධියේ සැකකාර රෝහල් සුළු සේවකයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා අධිකරණයට කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඤ කීර්ති දුනුසිංහ මහතා පැවසුවේ තම සේවාදායකයා හෘර්ද රෝගියෙකු බවයි ඔහුගේ ධමනි අවහිර වීමක් තිබෙන බවද කියා සිටි නීතිඥවරයා ඔහුට ඇප ලබා නොදුන හොත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට මෙන් ඔහුටද විජලනය ඇති වන්නට පුලුවන් යැයි ද කියා තිබෙනවා.
මෙසේ ඇප මත මුදා හැරියේ වීරඔුගෙදර මගුල්වැව කිරිදිවැල්මඩ පදිචිකරුවෙකු වන ඒ ඒ රාකේස් කන්නා නැමති වීරඔුගෙදර පර්යන්ත රජයේ රෝහලේ සුළු සේවකයෙකි.
පැමිණිල්ල වෙනුවෙන් වීරඔුගෙදර පොලිසියේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පෙනී් සිට තිබෙනවා.



