Published
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සිය පාක්ෂිකයින් හෙට දිනයේ කොළඹට පැමිණීමට පක්ෂයෙන් ඉල්ලීම් සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එමෙන්ම වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින්, ආණ්ඩුවට සහය දැක්වූ ඇතැම් නීතිඥ කණ්ඩායම්ද සිය සහයෝගය ලබා දෙන බවත් හෙට දිනයේ කොළඹට පැමිණෙන බවත් ප්‍රකාශ කර ඇති බවයි ඔහු පැවසුවේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ද විමසීම් කරන බවයි එක්සත් ජාතික පක්ෂ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේ. කෙසේවෙතත් පොදු දේපළ පනත යටතේ සියලු දෙනාට ඉදිරියේදී අකුරටම නීතිය ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා දේශපාලන අතපෙවීමක් සිදු නොවන බවත් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවා.