Published
“රාගසා” සුළි කුණාටුව දකුණු චීනයේ ගොඩබිම් ප්‍රදේශවලට කඩාවැදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊට පෙර සූදානාමක් ලෙස මිලියන දෙකක පමණ ජනතාවක් සිය වාසස්ථානවලින් ඉවත් කිරීමට චීන බලධාරින් පියවර ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
වසරේ භයානකම සුළි කුණාටුව ලෙස සැලකෙන “රාගසා” සුළි කුණාටුව චීනය දෙසට හමා යාමට පෙර තායිවානය දෙසට කඩා වැදී තිබුණා.
ඒ හේතුවෙන් තායිවානයේ පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.




