Published
ජනතා සේවය නිසි පරිදි සපයන ස්වාධීන හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
රාජ්‍ය කළමනාකරණ සේවයේ තුන් වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයෙන් සමත් වී සම්මුඛ පරික්ෂණ මගින් තෝරා ගත් නිලධාරීන් 1,890 දෙනෙකුට පත්වීම් ලබා දීම සඳහා අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
දක්ෂ හා අවංක රාජ්‍ය නිලධාරීන්ට රජයක් ලෙස තව තවත් ශක්තිය ලබා දෙන බවත් දූෂිත රාජ්‍ය නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළා.




