රාජාංගනය පොලිස් වසමේ අංගමුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනය කර ඇත්තේ 49 හැවිරිදි වියේ පසු වූ අංගමුව යාය 08 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

මිය ගිය කාන්තාව සමග ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් තම වැඩිමහල් පුත්‍රයා සහ දියණිය සමග මාස 08ක පමණ කාලයක් මරණකාරියගේ මවගේ නිවසේ ජීවත්ව තිබෙනවා.

ඇයට කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ එම නිවස ඉදිරිපිටදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.