පසුගිය මූල්‍ය වර්ෂය තුළ පකිස්ථානයේ විරැකියා අනුපාතය වසර 21 ක් තුළ ඉහළම මට්ටමට ඉහළ ගොස් ඇතැයි එරට
නව ශ්‍රම බලකා සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
එම අගය පසුගිය මූල්‍ය වර්ෂයේදී 7.1% ක් වූ බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ සහ දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් බවත් එරට සැලසුම් අමාත්‍ය අහ්සාන් ඉක්බාල් පැවසීය.
රජය අඟහරුවාදා ශ්‍රම බලකා සමීක්ෂණය එළිදැක්වූ අතර, එයින් පෙන්නුම් කළේ ඉහළම විරැකියාව කයිබර්-පක්තුන්ක්වා (කේ-පී) හි බවත්, පසුව පන්ජාබ් පළාතෙන් වාර්තා වන බවයි.
අඩුම විරැකියාව සින්ද් හි ය.
2021 දී 6.3% ක් වූ විරැකියා අනුපාතය 2024-25 මූල්‍ය වර්ෂය තුළ 7.1% දක්වා ඉහළ ගොස් ඇති බව සොයාගැනීම්වලින් පෙනී ගිය බව පකිස්ථාන සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (PBS) ප්‍රධාන සංඛ්‍යාලේඛනඥ ආචාර්ය නයිමුස් සෆාර් සමීක්ෂණයේ ප්‍රධාන සොයාගැනීම් එළිදක්වමින් පැවසීය.
නිල වාර්තා පෙන්වා දුන්නේ 7.1% යනු 2003-04 සිට ඉහළම විරැකියා අනුපාතය බවත්, එම අනුපාතය 7.7% ක් ලෙස වාර්තා වී තිබූ බවත්ය.
එතැන් සිට, විරැකියාව 5.3% සිට 6.9% දක්වා පරාසයක පවතී. 2018-19 දී විරැකියා අනුපාතය 6.9% ක් විය.
දේශගුණික විපත් සහ IMF හි ස්ථායීකරණ වැඩසටහන හේතුවෙන් ආර්ථික වර්ධනය සීමා වූ බැවින් විරැකියා අනුපාතය ඉහළ ගිය බව පකිස්තාන රජය පවසන අතර ගෝලීය මිල චක්‍රය රැකියා තත්ත්වයට ද බලපා ඇති බව ද පකිස්තානය පවසයි.
නවතම සංඛ්‍යා ලේඛන අනුව පකිස්තානයේ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 08 කට අධිකයි.




