Published
අපරාධ සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 328 දෙනෙකු රැඳවීම් නියෝග මත රඳවාගෙන විමර්ශනය කරන බව පොලිසිය පවසනවා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ සිදුවීම් 87කට අදාලව එම සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හරහා අවි ආයුධ රැසක් ද සිය භාරගයට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.