Published
                
                 
                
            රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
21 හැවිරිදි ඇය කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
වෛද්‍යවරියගේ දියණිය එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි.
සැකකාර දියණිය අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.




