කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා.
ඒ අනුව ඔහු රඳවා සිටින දැඩි සත්කාර ඒකකයට බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු යොදවා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඊට ජේලර්වරුන් දෙදෙනෙකු සහ අවි සහිත නිලධාරීන් සිව් දෙනෙකුද ඇතුළත්.
මීට අමතරව දැඩි සත්කාර ඒකකය අවට පොලිස් ආරක්ෂාවද යොදවා ඇති බවයි වාර්තා වුණේ.
හිටපු ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටයි. ඒ, ඔහුගේ මූලික පරික්ෂණ කිහිපයක් සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ.
එම පරික්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසු ඔහු යළිත් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.
පසුගිය 22 වනදා රාත්‍රියේ අධිකරණයේ සිට රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් එහි රැඳවියෙකු ලෙස ලියාපදිංචි කෙරුණා.
ඉන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරික්ෂාවකින් අනතුරුව නිර්දේශ කෙරුණේ හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි.




