ඉන්දියාවේ සිට මන්නාරමේ පේසාලේ දක්වා රැගෙන එන ලද මත්පෙති ලක්ෂ දෙකක ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී මෙම මත්පෙති තොගය හමු වී ඇති අතර ඒවායෙහි අයිතිකරුවන් ඒ වන විට පලා ගොස් තිබේ. ඉන්දියාවේ සිට පේසාලේ ප්‍රදේශයට රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙන මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 300 ක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සඳහන් කර සිටියේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම මත්පෙති තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා පේසාලේ පොලීසිය වෙත බාර දී තිබෙනවා.