Published
රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් බිඳ රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමින් යුත් ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මහබාගේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ සොරකම් කරන ලද ජංගම දුරකතන 23ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




