රුවන්වැල්ල, යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අද රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වීථි සංචාරය කෙරෙනවා.
පෙරහැර වාලුකාරාම විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල දෙස සිට පැමිණ, රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් ආපසු හැරී පැමිණි මාර්ගය ඔස්සේම නැවතත් ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.
ඒ අනුව පෙරහැර වීදි සංචාරය කරන කැගල්ල කරවනැල්ල මාර්ගය වරාවල හන්දියෙන් සහ තල්දූව හන්දියෙන් ගමනාගමනය සීමා කෙරෙනවා.
රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ.
ඒ අනුව කෑගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහන වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට හැරී පරුස්සැල්ල යටියන්තොට මාර්ගයේ ගමන් කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දක්වා ගමන් කළ හැකි වනවා.
අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙණිය හරහා ගෝනගල්දෙණිය නිට්ටඹුව මාර්ගයට පිවිස දකුණට හැරී රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් වමට හැරී කෑගල්ල දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.