Published
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර්, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමුවී තිබේ.
ඒ චීනයේ ටියැන්ජින් හි පැවැත්වුනු ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීවයි.
එහිදී දෙපාර්ශවයටම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය්වරුන් දෙපළගේ අවධානයට යොමුව තිබේ.
මේ අතර ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ද හමුව තිබේ.
මෙම සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් ද හමුව තිබිණි.