රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නායක නිලමේවරයා විසින් සිදුකර ඇති නීති විරෝධී ක්‍රියා සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව ලබන 16 වනදා සිට 20 වනදා දක්වා ඊට අදාල පරීක්ෂණ සිදුවන බවටත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසටත් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට ලිඛිතව දන්වා තිබෙනවා.