Published
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූ වෘත්තීය සමිති එම වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමේ තීරණයකට එළඹ ඇතැයි වාර්තා වනවා.
එම තීරණය අදාළ වෘත්තීය සමිති විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
අදාළ වෘත්තීය සමිති එම තීරණයට එළඹ ඇත්තේ බලශක්ති අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි සේවක සංගමයේ උප ලේකම් ජයන්ත ගුණරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.
වෘත්තීය සමිතිවල ඉල්ලීම් එකින් එක එහිදී සාකච්ඡාවට ලක්වූ බවද ලංකා විදුලි සේවක සංගමයේ උප ලේකම් ජයන්ත ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.




