Published
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය 23 වන දිනටත් ක්‍රියාත්මකයි.
සිය ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය මැදිහත්වීම හේතුවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටවූ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසුවේ.
එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරු මහලේකම් කාර්යාලය ඔක්තෝම්බර් පළමු වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ සියළු වෘත්තීය සමිති සාකච්ඡාවකට කැදවා ඇති බවද ඔහු කියා සිටියා.
තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය විදුලි පාරිභෝගිකයන්ට නොදැනුන ද එය විදුලිබල අමාත්‍යාංශයට තදින් දැනී ඇති බවයි බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.




