කජිකි සුළි කුණාටුව වියට්නාමය දෙසට පැමිණෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවලින් ලක්ෂ 05කට අධික පුද්ගලයන් පිරිසක් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ අනුව තං හෝවා, ක්වාං ට්‍රයි, හියු සහ ඩා නන්ග් යන නගරවල ජනතාවට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස එරට රජය නියෝග කර තිබෙනවා. කුණාටුව මේවන විටත් පැයට සැතපුම් 103ක වේගයෙන් හමායන බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවයි වියට්නාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. මේ හේතුවෙන් වියට්නාමයේ මධ්‍යම නගරවලට සහ ඉන් පිටතට පියාසර වන ගුවන් ගමන් 22ක් ද තාවකාලිකව අවලංගු කර තිබෙනවා. එමෙන්ම කුණාටු තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බැවින් එළිමහනට නොයන ලෙසයි එරට රජය ජනතාවට දැනුම් දී ඇත්තේ.