රුපියල් ලක්ෂ දෙක හමාරකට ඇත්දළ විකිණීමට තැත් කළ කාන්තාවක මිහින්තලය ප්‍රෙද්ශයේදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුධ හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරකට අනුව අනුරාධපුර වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී ආදාළ සැකකාරිය හා ඇත් දළ කොටසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
වනජීවී නිලධාරීන් සිදුකළ වැටලීමේදී අනුරාධපුරය මිහින්තලේ ඉහළගම ප්‍රෙද්ශයේ නිවසක් තුළ සඟවා තිබියදී එම ඇත් දළ කොටස සොයා ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගැණුන ඇත් දළ කොටස සැකකාර කාන්තාව විසින් වැටලීමේ උපාය දූතයකු වෙත රුපියල් ලක්ෂ දෙකහමාරකට අලෙවි කිරීමට සූදානම් කර තිබු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියේ.
සැකකාරිය මිහින්තලය ඉහළගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 33ක කාන්තාවක් වන අතර මෙලෙස විකිණීමට තැත්කර ඇති ඇත්දළ කොටස අඩි 01යි අඟල්03ක් පමණ දිගකින් යුක්ත වන බවයි වනජීවී නිලධාරීන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අනුරාධපුර මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





