Published
සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් ලබන 29 වනදා සිට දිවයින හරහා බලාපොරොත්තු වන බැවින් එදින සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල එලෙස වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.




