ලොව රටවල් රැසකට අමෙරිකාව විසින් පනවා ඇති තීරුබදු සඳහා ලබා දී තිබූ විරාමය යළි දීර්ඝ කිරීමට තමන් සැලසුම් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
දැනට ලබා දී ඇති දින 90ක තීරු බදු විරාමය එළඹෙන ජුලි මස 09 වනදායින් අවසන් වන අතර එම තීරුබදු විරාමය දීර්ඝ කිරීමට තමන් අදහස් නොකරන බවයි ෆොක්ස් නිවුස් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ.
කිසිදු පාර්ශවයකින් වාසි සහගත ගනුදෙනුවක් සඳහා ප්රතිචාර නොලැබුණු බැවින් තීරු බදු සඳහා සහන කාලය දීර්ඝ නොකරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ඒ අනුව එක් එක් රටවලට තීරු බදු පැනවීමට අදාළ ලිපි ඉතා ඉක්මනින් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ.
අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දෙවන වරට තේරී පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්රම්ප් විසින් නව තීරුබදු ක්රියාත්මක කළ රටවල් ගණන 200කට ආසන්න වනවා.