චීනයේ හිමිකාරිත්වය දරණ ටික් ටොක් සමාගම අමෙරිකාව සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ අනුව ටික්ටොක් සමාගමේ අමෙරිකානු කොටස්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අමෙරිකානු සහ ගෝලීය ආයෝජකයින් සදහා විකිණීම සිදුවනු ඇති.

ටික්ටොක් හිමිකාරිත්වය මෙම තීරණය ගෙන ඇත්තේ අමෙරිකාව තුළ ටික්ටොක් තහනම වළක්වාගැනීම සඳහායි.

ඒ අනුව ප්‍රධාන ආයෝජකයින් තිදෙනෙකු සමග මෙම ගිවිසුමට අත්සන් කළ බව ටික්ටොක් සමාගම පවසනවා.

මේ වන විට මිලියන 170කට අධික අමෙරිකානුවන් විසින් ටික්ටොක් භාවිතා කරනවා.

කෙසේ වෙතත් අමෙරිකාව තුළ ටික් ටොක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විවේචන එල්ල කලා.

එහිදී ඔහු පැවසුවේ ටික්ටොක් හි අමෙරිකානු අයිතිය චීන හිමිකරුවන් විසින් අලෙවි නොකරන්නේ නම්, ජනවාරි 20වනදා සිට ටික්ටොක් අමෙරිකාව තුළ ක්‍රියාත්මක වීම තහනම් කරන බවයි.