ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වී ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් සියයට දෙකකින් පමණ පහත වැටී ඇති අතර ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක වර්තමාන මිල අමෙරිකානු ඩොලර් 67යි දශම 1යි 3ක් දක්වා පහත බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙය සති දෙකකින් පසු බොරතෙල් බැරලයක වාර්තා වූ අවම මිල වනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය සූදානම් වීමත් සමග ඊයේ දිනය වන විට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යමින් පැවතුණා.