WWE රෙස්ලින් හෙවත් මල්ලවපොර සටන් ලොව පුරා අතිශය ජනප්‍රිය වීමට ප්‍රධාන චරිතයක් බවට පත්වූ අමෙරිකාවේ ප්‍රසිද්ධ මල්ලවපොර තරුවක් වූ හල්ක් හෝගන් මිය ගොස් තිබෙනවා. ඒ, වයස අවුරුදු 71 දීයි. ටෙරී ජීන් බොලියා ලෙස උපත ලැබූ ඔහුගේ දුඹුරු පැහැති හිසකෙස් සහ සංකේතාත්මක උඩු රැවුල හේතුවෙන් ප්‍රසිද්ධ චරිතයක් වූ හල්ක් හෝගන් 1977 දී සිය වෘත්තීය මල්ලවපොර ජීවිතය ආරම්භ කළා. නමුත් 1983 දී WWE රෙස්ලින් ලෙස ලෝක මල්ලවපොර විනෝදාස්වාදී ඉසව්වක් බවට පත්වීමත් සමග හල්ක් හෝගන් ලොව ජනප්‍රියතම ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඉන් අනතුරුව ඔහු ලොව පුරා තවත් ජනප්‍රිය වන්නේ 2005 සිට 2007 දක්වා විකාශය වූ ඔහුගේ රියැලිටි වැඩසටහන වන “හෝගන් නෝස් බෙස්ට්” වැඩසටහන හේතුවෙන්. පසුව රෙස්ලින් පිටියෙන් සමුගත් ඔහු යළි කරළියට පැමිණියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකු ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හල්ක් හෝගන් අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හි ඔහුගේ නිවසේදී හෘදයාබාධයකට ලක්ව මිය ගොස් ඇති බවයි. ඒ, දශක හතරකට වැඩි කාලයක් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත රසිකයන් සඳහා ඉතිරි කළ අපූරු මතකයන් යළි සිහිගන්වමින්.
Published