2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපති තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එම තරගාවලියෙන් ජයග්‍රහණ 13ක් හිමිකරගත් සිසු සිසුවියන් පස්දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පසුගිය 23 වනදා සිට 27 වනදා දක්වා පැවති එම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 16ක කනිෂ්ඨ තරගකරුවන් 29 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.
එම තරගාවලියට ඉදිරිපත් වූ 13 හැවිරිදි කිතුලු කත්‍යා හඳපාන්ගොඩ සමස්ථ තරගාවලියේ ‘ක්වීන් කාණ්ඩය’ යටතේ ජයග්‍රාහිකාව බවට පත් වුණා.
08 හැවිරිදි වියේ පසුවන ඇන්ජලා කළ්‍යානා පුත්‍රි විමලසූරිය ‘ප්‍රින්සස් කාණ්ඩය’ යටතේ සමස්ථ තරගාවලියේ ජනප්‍රියතම ජයග්‍රාහිකාව මෙන්ම සමාජ මාධ්‍ය ජයග්‍රාහිකාව ලෙස ද තේරී පත් වුණා.
එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමීෂ සෙනාෂ් සුදසිංහ, දුලේන් සත්දිනු ප්‍රනාන්දු හා චෙනුක උදාන විජයබණ්ඩාර ද ඉදිරිපත් වූ අතර ඔවුන් ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කර දීමට සමත් වුණා.