අද දවසේ වැඩිම කතාව දරුවන් ගැනයි.

ඒ, කතාව අදට පමණක් සීමා නොකර ගන්න නෙත් නිවුස් අපි පුද්ගල සංවර්ධන පුහුණුකරු උදයා දේවාමුල්ල මහතා සමග කතා කළා.

අද ලෝකයම දරුවන් ගැන කතා කරන දවසයි.

වර්තමානයේ දරුවන් අත්විඳින පීඩනය පිළිබඳ අද දවසේ අන් කවරදාකටත් වඩා කතාබහට ලක්වෙමින් තිබෙනවා.

දරුවන් අත්විඳින පීඩනය අතර අධ්‍යාපනික වශයෙන් එල්ල වන පීඩනය ප්‍රධාන බවයි සමාජ විශ්ලේෂකයින් මෙන්ම මනෝ විද්‍යාඥයින් ද පවසන්නේ.

අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවන්ට සෙතක් වෙයිද?

නිවසේ දී පාසලේ දී මෙන්ම සමාජයේදී දරුවන් සිදුවන හිංසනයන් වැලැක්විය නොහැකිද?

දරුවන් මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට අරගෙන තියෙන පියවර සාධනීය ද?

හිංසනයෙන් තොර ළමයෙක් හදන්න දරුවන්ට කලින් වැඩිහිටියන් හැදෙමු.