වත්කම් බැරකම් සම්බන්ධයෙන් රජයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති ලේඛන සත්‍ය ලේඛන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අදාල ලේඛනවල යම් ගැටලුවක් ඇත්නම් නීති මඟට යොමුවන ලෙසයි ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පාර්ශ්ව වෙත අමාත්‍යවරයා දැනුම්දුන්නේ.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ පාතාලයට සහ මත්ද්‍රව්‍ය මර්දනයට එරෙහිව රජය සිදු කරන වැඩපිළිවෙල ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවයි.