Published
වැල්ලවාය, රන්දෙණිය, මදුරුව ප්රදේශයේදී වනඅලියෙකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පා ගමනින් නිවස බලා යමින් සිටි එම පුද්ගලයාට මාර්ගයේ රැඳී සිටි වනඅලියෙකු විසින් එලෙස පරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
වනඅලි ප්රහාරයත් සමග එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්දෙණිය ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.