Published
වරෙන්තු 88ක් සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අතුරුගිරි, ගජබා මාවත ප්‍රදේශයේදී අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
එහිදී විදේශ රටක රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා පුද්ගලයිගෙන් මුදල් ලබාගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 56 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන මහේස්ත්‍රාත් අධිකරණයන් මගින් සැකකරුට එරෙහිව වරෙන්තු 88ක් නිකුත්කර ඇති බව පොලිසිය පැවසුවා.
සැකකරු සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




