ගංජා කිලෝ ග්‍රෑම් 111 ක් සහ ගංජා පැළ 3,159 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් ගංජා නිශ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශ වලට රැගෙන යාමට සුදානම් වන බවට වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කල බවයි පොලිසිය පැවසුවේ.
මෙහිදි උණකන්ද බොයිටරය පිටුපස කන්දේ ගංජා කිලෝ ග්‍රෑම් 103 ග්‍රෑම් 500 ක් ලඟ තබා ගෙන සිටි 43 හැවිරිදි මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු විසින් මෙම ගංජා තොඟය දිවයිනේ විවිධ ප්‍රදේශ වලට බෙදා හැරීමට සුදානම් කර තිබියදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම ලද තොරතුරු ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලදි එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා ප්‍රසිද්ධියක් උසුලන "බතලහීන්" යන අයගේ ඉඩමේ වාඩිය අසලදි ගංජා කිලෝ ග්‍රෑම් 07 ක් ග්‍රෑම් 500 ක් සමඟ ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකුද, ඉහත වාඩිය පිටුපස රක්‍ෂිතයේදි අක්කර ¼ ක භූමි ප්‍රමාණයක වගා කර තිබු ගංජා පැළ 3,159 ක් සමඟ 38 හැවිරිදි අඹගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ගංජා පැළ එම ස්ථානයේදීම වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් විනාශ කිරීමක් සිදු කර ඇත.
මෙම ගංජා හේනේ ගංජා ගස් අඩි 03 – 04 ක් පමණ සරුවට වැවි තිබි ඇති අතර එහි ඵලදාව ලබා ගැනීමට සුදානම් වන අවස්ථාවේදි ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.





