මෙම වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ සහ හෙට අලුයම දැකබලා ගත හැකි වනවා.

සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවයි අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ.

මෙම උල්කාපාත වර්ෂාව හෙට අලුයම 04 සිට 05 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.