ව්‍යාජ වීසා බලපත්‍ර භාවිතා කරමින් මැසඩෝනියාව වෙත පළා යාමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් 05 දෙනෙකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔවුන් පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයාට ඇති වූ සැකය මත සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරුවන් සතුව තිබූ මැසඩෝනියා රාජ්‍යයේ වීසා බලපත්‍ර සොයාගෙන තිබෙනවා. එලෙස සොයාගත් වීසා බලපත්‍ර වැඩිදුර විමර්ශන සදහා දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත භාරදීමෙන් අනතුරුව අනාවරණ වී ඇත්තේ එම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවයි. සැකකාර විදේශීය ජාතිකයන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙරටට පැමිණ දින දෙකකට පසුව මැසඩෝනියාව වෙත පළා යාම සදහා සැළසුම් කර සිටි බවයි. සැකකරුවන් ආපසු හරවා යැවීම සඳහා, ඔවුන් මෙරටට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.
Published