Published
පවතින අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 15ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 4ක් වාන් දමමින් පවතිනවා.
මේ හේතුවෙන් එම ජලාශ ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් අද දිනය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බවයි කාලගුණ විදයා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.



