සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම පැවති තෙවන එක්දින තරඟයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මෙය ජාත්‍යන්තර එක්දින තරඟයකදී කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයක් සහිත ලැබූ එක්දින ජය ලෙස වාර්තා අතරට එක් වනවා. මීට පෙර එම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකාව කණ්ඩායම ඉදිරියේ ලියවී තිබුණා. එහිදී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 317ක පරාජයක් ලබා ගත්තා. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ලකුණු 414 ලබා ගත්තා. එහිදි එංගලන්තය වෙනුවෙන් ජේකොබ් බෙතෙල් පන්දු 82කදි ලකුණු 110ක් ලබා ගත් අතර ජෝ රූට් පන්දු 96කදි ලකුණු 100ක් ලබා ගත්තා. ජෙමී ස්මිත් ලකුණු 62යි. ජොස් බට්ටලර් නොදැවී ලකුණු 62ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේදි කෝබින් බොෂ් ලකුනු 79කට කඩුලු 02ක් බිඳ හෙළුවා. කෙශාව් මහරාජ් ලකුණු 61කට කඩුලු 02යි. ලකුණු 415ක දැවැන්ත ඉලක්කයට හඹා යාමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් තුළදි ලබා ගැනිමට හැකි වුණේ ලකුණු 72ක් පමණයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් කෝබින් බොෂ් ලකුනු 20ක් ලබා ගත් අතර කෙශාව් මහරාජ් ලකුනු 17ක් ලබා ගත්තා. පන්දු යැවිමෙදි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොෆ්රා ආචර් ලකුණු 18කට කඩුලු 04ක් දවා ගත් අතර ආදිල් රශිඩ් ලකුණු 13කට කඩුලු 03ක් බිඳ හෙළුවා. බ්‍රයිඩන් කාර්ස් ලකුණු 33කට කඩුලු දෙකයි. කෙසේවෙතත් තරඟ 03කින් යුත් තරඟාවලිය තරඟ 2ට එකක් ලෙස ජයගැනීමට සමත් වූයේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
Published