ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රථ වාහන 50කට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

ඒ අතරට මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් රථ සහ මෝටර් රථ අයත්.

අනතුරත් සමග එම ස්ථානයේ විශාල ගින්නක් ද හටගෙන තිබෙනවා.

මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ජපානයේ එම අධිවේගී මාර්ගයේ දර්ශනපතය අපහැදිලි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.