කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපරාධ විමර්ශන ඒකකය වන කළුතර දිසා අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාට රත්නපුර කොට්ඨාසය සාමාන්‍ය රාජකාරි සදහා ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා.
එම නිළධාරියාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කය තුල සිදුවූ මනුෂ්‍ය ඝාතන මෙන්ම අපරාධ රැසක සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් රටක සිට රැගෙන ආ බැකෝ සමන් ගේ ගෝලයෙකු පානදුර දී අත් අඩංගුවට ගැනීම මෙන්ම හම්බන්බන්තොට නිවසක අයිස් නිෂ්පාදනාගරය වැටලීම ආසන්නම වැටලීම වනවා.
කළුතර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂක නඩු භාණ්ඩ ගිනි අවියක් සිවිල් පුද්ගලයකුට ලබාදිම සම්බන්ධයෙන් පසුගිය 26 දා කළුතර අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන සිදුකරනුයේද මෙම නිළධාරිවරයා යටතේ වනවා.
කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැසක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම නිළධාරියාගේ මෙහෙයවීමෙනි.
අද දිනයේද කළුතර දිස්ත්‍රික්කයේ නිවාස වලට මුහුණු ආවරණය කරගෙන පැන කඩු වලින් පහරදී බියවද්දන පස් දෙනෙකු ගෙන් යුතු කණ්ඩායමක් STF සමග එක්ව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෑතකදී කළුතර දිස්ත්‍රික්කයේ කිසිදු පොලිස් ස්ථානයක් වෙතින් සැලකිව යුතු වැටලීමක් සිදුනොකල අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හැර සැලකිව යුතු මට්ටමේ දරුණු ඝනයේ අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීම මෙම නිළධාරියාගේ මෙහෙයවීමෙන් සිදුකල බව වාර්තා වනවා.




