Published
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වෙඩික්කරුවන්ට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා, එම යතුරුපැදිය අලුත්වැඩියා කර දුන් තැනැත්තා සහ ත්රීරෝද රථ රියදුරෙකු බවයි වාර්තා වන්නේ.
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතා සිය කාර්යාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.



