පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ ජල මට්ටම ඉහළ ගියද ගං වතුර අවදානමක් නොමැති බවයි.

කෙසේවෙතත් ජනතාව තවදුරaටත් දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යවශ්‍ය බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

මේ අතර තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙසටයි අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත්තේ. එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනවා.