2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුණා.

ඒ අනුව ඇය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 26ක් රැස් කරගෙන සිටියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.