Published
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අතහැර දැමුණා. ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. කණ්ඩායම් දෙක අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 03ටයි. එහෙත් දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් පස්වරු 05යි 30 වනවිටත් තරඟය ආරම්භ කිරීමට නොහැකි වුණා. මෙවර එක්දින ලෝක කුලසාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා. එහෙත් තමන් සහභාගී වු පළමු තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, නවසීලන්තය ලකුණු 89කින් පරාජයට පත් කරමින්. ඉන්දියා සහ පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරඟය හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.