දිට්වා සුළි කුණාටුව ඊයේ රාත්‍රී 11යි 30 වන විට යාපනය සිට කිලෝමීටර් 130ක් උතුරු දෙසින් කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇති බව අපේක්‍ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද සිට අපේක්‍ෂා කෙරෙනවා.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
මේ අතර, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 50ත් 60ත් දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.




