පවතින අධික වැසි හේතුවෙන් දිවයින පුරා පිහිටි මහා ජලාශ 42ක් සහ මධ්‍ය පරිමාණයේ ජලාශ 52ක් වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ එච් එම් පී එස් ඩී හේරත් මහතා.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14කට නිකුත් කර තිබූ නාය යෑමේ අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අතරින් අදියර තුන යටතේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වසන්ත සේනාධීර මහතා මෙලෙස කරුණු දැක්වුවා.
මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගන මාර්ගයේ මැදමහනුවර සිට හසළක දක්වා කොටස අද පස්වරුවේ සිට වසා දැමුණා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා මෙලෙස අදහස් පළ කළා.




