දකුණු අන්දමන් දූපත් ආශ්‍රිතව සහ දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාප දෙකක් වර්ධනය වී ඇති බැවින් අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

ඉදිරි දිනවලදී දිවයින ආශ්‍රිතව පවතින වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පවතින වර්ෂාපතනය හේතුවෙන් ගංගා සහ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.

පැවති වර්ෂාව හේතුවෙන් අද උදෑසන වන විට ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර තිබූ බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.