හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ දී වෑන් රථයක වනඅලියෙක් ගැටීමෙන් අද (27) අලුයම් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වනඅලියා මියගොස් ඇති අතර, වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් තුවාල ලබා හරබරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගිය වනඅලියා අවුරුදු 12ක් පමණ සත්වයෙකු වන අතර, සත්වයා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දක්වා ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමේ දී අනතුරට ලක්ව තිබෙනවා.